spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැසට් නිවේදනයේ සඳහන් මිලට බිත්තර නොමැති බවට චෝදනා

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එම මිල ගණන් යටතේ බිත්තර නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා.

නියමිත මිලට අනුව බිත්තර අලෙවි කරන වෙළඳසැල් හිමියන් සඳහන් කළේ රජය විසින් මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් වැඩි මිළට ගත් බිත්තර රජයේ අනුමත මිලට අනුව අලෙවි කරන බවයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල රුපියල් 50ට වැඩි විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ බවයි.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.

එය උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ.

අද පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදිකයන්ගේ සංගමයේ සභාපති කියාසිටියේ පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවයි.

එමෙන්ම එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ධම්මික සම්පත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?