ගැසට් නිවේදනයේ සඳහන් මිලට බිත්තර නොමැති බවට චෝදනා

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එම මිල ගණන් යටතේ බිත්තර නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ගැසට් නිවේදනයට අනුව බිත්තර අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා.

නියමිත මිලට අනුව බිත්තර අලෙවි කරන වෙළඳසැල් හිමියන් සඳහන් කළේ රජය විසින් මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් වැඩි මිළට ගත් බිත්තර රජයේ අනුමත මිලට අනුව අලෙවි කරන බවයි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල රුපියල් 50ට වැඩි විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ බවයි.

සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළා.

එය උල්ලංඝනය කරමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ.

අද පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදිකයන්ගේ සංගමයේ සභාපති කියාසිටියේ පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවයි.

එමෙන්ම එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බවයි අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ධම්මික සම්පත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40