ගැසට්ටුවට නම වැටුණු රවීගේ නිවසට පොලිස් ආරක්ෂාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා නම් කළ රවී කරුණානායකගේ නිවසට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඒ, ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වයත් සමඟයි.

සන්ධානගතව තරග කළ පාර්ශ්වයන්ගේ අනුමැතියකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායකගෙන් නම; පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (18) යවා තිබුණා.

එම දැනුම්දීම මත මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මේ වනවිට ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ රවී කරුණානායගේ නිවසට පාක්ෂිකයින් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කරයි යන්න සැකය මතයි මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40