ගැරඬිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍යවරිය රෝහලට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ දරුණු අනතුරින් එහි ගමන් ගත් 22 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ 35ක ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

එලෙස තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊයේ (11) රාත්‍රියේ රෝහල් වෙත ගොස් තිබෙනවා.

අග්‍රාමාත්‍යවරිය ගම්පොළ සහ පේරාදෙණිය රෝහල් වෙත ගොස් එම රෝහල්වල ප්‍රතිකාර ලබන අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඖෂධ අවශ්‍යතා පිළිබඳව මෙන්ම සියලු රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය කටයුතු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සොයාබලා තිබෙනවා.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකසහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51