ගැඹුරු මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

දෙවුන්දර සිට දකුණු දෙසට කිලෝමීටර් 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

මෙය නිරීක්ෂණය සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක ද පැමිණ සිටියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 225කට අධික බවයි.

මෙම හෙරොයින් තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 450කට අධික බව ද නාවික හමුදාව සඳහන් කළා.

ලද බුද්ධි තොරතුරකට අනුව පසුගිය 19 වනදා ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබී හෙරොයින් බවට සැකකරෙන උර 09ක් සොයා ගැනුණා.

මෙහිදී සැකකරුවන් පස්දෙනෙක් ද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අවුරුදු 30ත් 48ත් අතර වයස්වල පසුවන කුඩාවැල්ල, තිස්සමහාරාම, කෝට්ටගොඩ සහ මාමඩල යන ප්‍රදේශයන් හි පදිංචිකරුවන්.

මේ අතර නාවික හමුදාව විසින් සතියක් තුළ දී අත්අඩංගුවට ගනු ලැබූ දෙවන විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වනවා.

පසුගිය 20 වැනිදා ද නාවික හමුදාව රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 212ක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 22 වනදා එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන ආවා.

  1. DRUG DEAL KARANA HEMA ASIYANU AFRICANU RATAK MA APE RATA SELLAMAKATA ARAGENA, GANAN GANNE NAHE. EYALA DANNAWA AHU NOWEE ENNA, ATHULENMA SUPPORT EKA DENAWA. AHU UNOTH BERENA KRAMA, KELINMA HO ACCOUNT EKATA SALLI DAMMAMA. AHU WELA ATHULATA DAMMAMA, ONA THARAM SALLI PERETHA LAW KAKKO INNAWA EWA PAN PITI KARALA ELIYATA DANNA, EKATAMA SET UNA NILADHAREE SET EKAK INNAWA HEMA THANAMA, GANA LABENAWANAM BETTE THIYENA SATHE DIWEN GANNA. KIYANA ONEMA THANAK LEWA KANNA. METHEK GANAPUWA DAN KO? NADU DALA ATHULATA DAMME IRAN KARAYO WITHARAYI. UNUTH EHETA PATAWANAWALU. EHE GIYALA SELLAM NAHE, BELLA KAPANAWA UN. ANNA EHEMAYI NEETHIYA. MEE SAHA PITA RATAWALA EWUN ANEETHIYA PACHCHAL KARANNE PAREYI WATILA THIYENA HID SAMAN TIN EKAK GANATA, YANA YANA EKA EHETA MEHETA WISI WENNA PAYIN GAHANAWA.