ගැඹුරු මුහුදේ දී අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් මුදාගෙන රෝහල්ගත කෙරේ(ඡායාරූප)

ගාල්ල සිට නාවික සැතපුම් 241 ක් පමණ (කිලෝමීටර් 501) ගැඹුරු මුහුදේ දී අනතුරට පත් “නිහතමානි 01” බහුදින ධීවර යාත්‍රාවේ සිටි, ධීවරයින් සිව්දෙනා ඊයේ (04) දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් ගොඩබිමට ගෙන ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; මෙම ධීවර යාත්‍රාව අනතුරට පත්වීමෙන් පසුව ඒ අසල ධීවර කටයුතුවල නිරත වූ “ලසන්ත 01” බහුදින ධීවර යාත්‍රාව විසින් මුදාගෙන ඇති බවයි.

ඊයේ පස්වරුවේ මෙම ධීවරයින් සිව්දෙනා ගාල්ල වරාය වෙත රැගෙන ඒමෙන් පසුවයි රෝහල්ගත කර ඇත්තේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත පෙරේදා (03) දින සිදුකළ දැනුම්දීකට අනුව ගැඹුරු මුහුදේ දී අනතුරට පත් බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවරයින් සිව්දෙනෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත පිටත්කර යැවීමට කටයුතු කෙරුණා.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත ‘ලසන්ත 01’ නෞකාවෙන් බේරාගනු ලැබූ ධීවරයින් සිව්දෙනාව ලබාගැනීමෙන් අනතුරුව, ගජබාහු නෞකාව තුළ දී නාවික හමුදා වෛද්‍ය කණ්ඩායමක් මගින් ප්‍රතිකාර ලබාදෙමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48