ගැබිනි රාජ්‍ය සේවිකාවන්ට රජයෙන් දැනුම්දිමක්

රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02 වැනිදා) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ‘අරුණ’ට පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය.

කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.

රාජ්‍ය නිලධරයන් බහුතරයක් එන්නත්කරණයට ලක්කර ඇති බැවින් රජයේ කාර්යයන් බිඳවැටිමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර පසුගිය 29 වැනිදා ලිඛිත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය සේවකයන් අද (02 වැනිදා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පසුගිය 30 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් පිරිසිදු කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් තවදුරටත් එලෙසම අනුගමනය කළ යුතු බවද චක්‍රලේඛයේ දැක්වේ.

ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම සේවාලාභීන්ද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එමෙන්ම අද සිට රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන අනුගමනය කළ යුතු වේ.

කිසියම් රජයේ සේවකයකු නිරෝධායනයට යොමුකර ඇත්නම් හෝ එසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට දඬුවමක් ලෙස නොවන්නේ නම් පමණක් ඔවුන්ට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු කාලයක් හිමිවනු ඇති බවද ලේකම්වරයා අවධාරණය කරයි.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට පෙර බලාත්මක වූ චක්‍රලේඛ විධිවිධාන අනුව නිලධරයන් සේවයට කැඳවූ කාලසීමාව තුළ ඔවුන් ලබා ගත් නිවාඩු, සේවය ස්ථිර කිරීම්, උසස්වීම් ලබා ගැනීම සහ විශ්‍රාම ගැන්වීම් පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බවද චක්‍රලේඛයේ දැක්වේ.

එමෙන්ම පළාත් අතර සංචරණ සිමා පැවතියද, සෑම නිලධාරියකුම අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු අතර ඒ සඳහා නැවත ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවද හෙතෙම කිවේය.
ඒ සඳහා අදාළ බලධාරීන් විසින් පොදු ප්‍රවාහන සේවා යථාවත් කරනු ඇති බවද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ දැක්වේ.

චාමර පල්ලේගෙදර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59