ගැටුම තව තවත් උග්‍ර වෙයි ! පොහොට්ටුවේ ප්‍රහාරයෙන් පසු විමල් එකට එක කරයි..

අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍යයට ලබා දී තිබූූ සම්මුඛ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් ඒ මහතාට සමාව ගන්නා ලෙස කළ දැනුම් දීමෙන් පසු විමල් වීරවංශ මහතා එකට එක කිරීම ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ අනුව අදාළ ප්‍රහාරයෙන් පසු වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ තමන් ලබා දුන් මාධ්‍ය සාකච්ජාව සම්පූර්ණයෙනම් පළ කිරීමට පියවර ‌ගෙන ඇත.

මීට අමතරව අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් වීරවංශ මහතා අද (09) දිනයේදී දැඩි ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට තිබේ.

  1. විමල් මහතාගේ දේශපාලනය මා 100% ක් මා අනුමත නොකළත් ඔය හොර නඩේ මේ රටේ ජනතාව තුළට රිංගවීමට ඔහුගත් වෙහෙස අපමණය.දැන් පහළ වී සිටින උන් නම් නියම ගේම් කාරයන් ,කෙසේ හෝ සමස්ථ නඩයම එක්වී කරන විනාශයට ස්වභාවය විසින්ම කරනු ලබන දඬුවම් තමයි ඔය ගැටුම්………..හොරු හොරු කුළල් කා ගන්නව…….