spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැටුමක් සමාදානය කරන්න ගිය මන්ත්‍රීට පිස්තෝලයකින් පහර දීලා

මහියංගණ නගරයේ රාත්‍රී බෝජන ශාලාවක් අසල සිදු වූ බහින් බස්වීමක් සමාදාන කිරීම සඳහා මැදිහත් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට ගිණි අවියකින් (පිස්තෝලයකින්) පහරදුන් පුද්ගලයෙක් ඇතුළු දෙදෙනෙක් මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප පිට නිදහස් කර තිබෙනවා.

එලෙස මන්ත්‍රීවරයාට ගිණි අවියකින් පහරදී ඇත්තේ මහියංගණ ප්‍රදේශයේ ලී මෝල් හිමි ව්‍යාපාරික පුද්ගලයෙක්.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 15 වනදා මධ්‍යමරාත්‍රියේදී වන අතර, සිද්ධියෙන් තරුණයන්ගේ පහර කෑමට ලක්ව ඇත්තේ මිණිපේ ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභ මන්ත්‍රීවරයෙක්.

මන්ත්‍රීවරයා ඊයේ (19) සවස් වනතුරුත් මහියංගණ මුලික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මන්ත්‍රීවරයාට පහරදුන් පුද්ගලයා පහරදී ඇත්තේ පිස්තෝලයක් පෙන්වමින් හා එය අතැතිවයි. එය CCTV කැමරාවේ පටිගත වී තිබෙනවා.

මන්ත්‍රීවරයාට පහරදුන් පුද්ගලයන් තිදෙනා ඊයේ (19) උදෑසන පොලිසියට බාරවීමෙන් පසු මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප පිට මුදා හැර තිබුණා.

පහරදීමේදී එම පුද්ගලයා සන්තකයේ පැවති ගිණි අවිය පිළිබඳ මහියගණ පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති අතර පිරිස පොලිසියට බාර වන අවස්ථාවේ පහරදුන් පුද්ගලයා සන්තකයේ ප්ලාස්ටික් (සෙල්ලම් පිස්තෝලයක්) තිබූ බව පවසමින් පොලිසිය වෙත ප්ලාස්ටික් පිස්තෝලයක් බාරදී ඇති අතර, CCTV පරික්ෂා කිරිමේදි එය සෙල්ලම් පිස්තෝලයක් නොවන බවට පැහැදිලි වන හෙයින්, මේවන විට ඔහු සන්තකයේ පැවති ගිණි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා.

රටේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන සමයේ පුද්ගලයන් සන්තකයේ පවතින අනවසර ගිණි අවිද සොයා පරික්ෂණ සිදු සිදුකල යුතු නොවන්නේද?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?