ගැටුමක් සමාදානය කරන්න ගිය මන්ත්‍රීට පිස්තෝලයකින් පහර දීලා

මහියංගණ නගරයේ රාත්‍රී බෝජන ශාලාවක් අසල සිදු වූ බහින් බස්වීමක් සමාදාන කිරීම සඳහා මැදිහත් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්ට ගිණි අවියකින් (පිස්තෝලයකින්) පහරදුන් පුද්ගලයෙක් ඇතුළු දෙදෙනෙක් මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දින මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප පිට නිදහස් කර තිබෙනවා.

එලෙස මන්ත්‍රීවරයාට ගිණි අවියකින් පහරදී ඇත්තේ මහියංගණ ප්‍රදේශයේ ලී මෝල් හිමි ව්‍යාපාරික පුද්ගලයෙක්.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 15 වනදා මධ්‍යමරාත්‍රියේදී වන අතර, සිද්ධියෙන් තරුණයන්ගේ පහර කෑමට ලක්ව ඇත්තේ මිණිපේ ප්‍රාදේශිය සභාවේ හිටපු ප්‍රාදේශිය සභ මන්ත්‍රීවරයෙක්.

මන්ත්‍රීවරයා ඊයේ (19) සවස් වනතුරුත් මහියංගණ මුලික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මන්ත්‍රීවරයාට පහරදුන් පුද්ගලයා පහරදී ඇත්තේ පිස්තෝලයක් පෙන්වමින් හා එය අතැතිවයි. එය CCTV කැමරාවේ පටිගත වී තිබෙනවා.

මන්ත්‍රීවරයාට පහරදුන් පුද්ගලයන් තිදෙනා ඊයේ (19) උදෑසන පොලිසියට බාරවීමෙන් පසු මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප පිට මුදා හැර තිබුණා.

පහරදීමේදී එම පුද්ගලයා සන්තකයේ පැවති ගිණි අවිය පිළිබඳ මහියගණ පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති අතර පිරිස පොලිසියට බාර වන අවස්ථාවේ පහරදුන් පුද්ගලයා සන්තකයේ ප්ලාස්ටික් (සෙල්ලම් පිස්තෝලයක්) තිබූ බව පවසමින් පොලිසිය වෙත ප්ලාස්ටික් පිස්තෝලයක් බාරදී ඇති අතර, CCTV පරික්ෂා කිරිමේදි එය සෙල්ලම් පිස්තෝලයක් නොවන බවට පැහැදිලි වන හෙයින්, මේවන විට ඔහු සන්තකයේ පැවති ගිණි අවිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භකර තිබෙනවා.

රටේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන සමයේ පුද්ගලයන් සන්තකයේ පවතින අනවසර ගිණි අවිද සොයා පරික්ෂණ සිදු සිදුකල යුතු නොවන්නේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28