spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැටඹේ විහාරස්ථානයක මනුෂ්‍ය ඝාතනයක් (ඡායාරූප)

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

විහාරස්ථානයේ පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැණික්හින්න, ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි හිටපු යුද හමුදා සෙබලෙක්.

මියගිය පුද්ගලයා විහාරස්ථානයට පැමිණි බවට සැකකරන යතුරුපැදියක් සහ ‘පොලිස්’ යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇල වූ හෙල්මටයක් විහාරස්ථානයේ ගරාජයේ තිබී හමු වූ බවයි පොලීසියට සඳහන් කළේ.

මෙම පුද්ගලයා අද (07) අලුයම 4.00ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී ඇති බවට තොරතුරු අනාවරණය තිබෙනවා.

පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් මෙම පුද්ගලයාගේ අත් පා ලණුවලින් ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඇති අතර, මෙම විහාරස්ථානය තුළ පොලිස් මුරපොළක් ද ස්ථාපිත කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී එම පොලිස් මුරපොළේ සේවයේ නියුක්තව සිටි ග්‍රාම ආක්ෂක නිලධාරියා පොලීසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයින් කිහිපදෙනෙක් පුද්ගලයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමි ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?