ගැටඹේ විහාරස්ථානයක මනුෂ්‍ය ඝාතනයක් (ඡායාරූප)

මහනුවර, ගැටඹේ දියකපනාතොට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

විහාරස්ථානයේ පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙක් මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මැණික්හින්න, ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි හිටපු යුද හමුදා සෙබලෙක්.

මියගිය පුද්ගලයා විහාරස්ථානයට පැමිණි බවට සැකකරන යතුරුපැදියක් සහ ‘පොලිස්’ යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇල වූ හෙල්මටයක් විහාරස්ථානයේ ගරාජයේ තිබී හමු වූ බවයි පොලීසියට සඳහන් කළේ.

මෙම පුද්ගලයා අද (07) අලුයම 4.00ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී ඇති බවට තොරතුරු අනාවරණය තිබෙනවා.

පුද්ගලයින් කිහිප දෙනෙක් විසින් මෙම පුද්ගලයාගේ අත් පා ලණුවලින් ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඇති අතර, මෙම විහාරස්ථානය තුළ පොලිස් මුරපොළක් ද ස්ථාපිත කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී එම පොලිස් මුරපොළේ සේවයේ නියුක්තව සිටි ග්‍රාම ආක්ෂක නිලධාරියා පොලීසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයින් කිහිපදෙනෙක් පුද්ගලයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමි ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

1
2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05