ගාසා හි ළමා අරමුදලට කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා පල්ලියෙන් කෝටියකට වැඩි පරිත්‍යාගයක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ගාසා තීරයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ අද (23) දින සංවිධානය කර තිබූ විශේෂ යාඥා මෙහෙයට එක්වෙමින්.

ගාසා හි ගැටුම්වලින් විපතට පත් දරුවන්ට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරම්භ කළ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) නව කාත්තන්කුඩි ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලිය විසින් රුපියල් එක්කෝටි හත්ලක්ෂ හැටනව දහස් හාරසිය දාහතක මුදලක් පරිත්‍යාග කිරීමට මෙහිදී සිදු වුණා.

මෙම විශේෂ යාඥා මෙහෙයට එක්ව සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහකට ද එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට ද පෙනි සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මම මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිය දී මෙම අවස්ථාව සඳහා ද ආරාධනා කිරීම පිළිබඳව ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. මෙම පල්ලිය මුස්ලිම් චිත්‍ර කලාවේ හොදම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව රජකාලයේ සිට එහි ජීවත් වූ පිරිසක්. මම මඩකලපුව ප්‍රදේශයට පැමිණියේ මෙහි සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙම පළාතේ කෘෂිකර්මය නවීකරණය කිරීමට මෙන්ම සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ද දියුණු කළයුතුයි.
අද මට මෙම අවස්ථාවට ආරාධනා කරනු ලැබුවේ ගාසා අරමුදල සඳහා ඔබගේ සහාය ලබාදීමටයි. ගාසා ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිනවා. එය කිසිඳු අවස්ථාවක වෙනස් වන්නේ නැහැ. ඊශ්‍රාලයට හමාස් සංවිධානය සමඟ ප්‍රශ්න තිබෙනවා නම් ඒ වෙනුවෙන් ගාසා වැසියන්ගෙන් පළිගන්න එපා. අපට තිබෙන්නේ පලස්තීනයට විසඳුම් සොයා ගැනීමට සහාය වීමයි. අපේ ස්ථාවරය නම් වසර 05ක් තුළදී පලස්තීන රාජ්‍යය ඇති කිරීමට අවශ්‍ය බවයි. කාලසීමාවක් නැතිව කතා කර ඵලක් නැහැ. මොකද වසර 40ක්, 50ක් මේ පිළිබඳ කතා කළා. එම නිසා අප කාලසීමාවක් අනුව එම වැඩකටයුතු සිදු කළ යුතුයි.
ඊශ්‍රාලයට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය වෙනම කතා කළ හැකියි. නමුත් පලස්තීන රාජ්‍යය ඇති කළ යුතුයි. සාමාන්‍ය ජනතාව විශාල පිරිසක් ඝාතනයට ලක්ව තිබෙනවා. ඒ පිළිබඳ අප කම්පාවට පත් වෙනවා. අපට කිසිසේත් එය අනුමත කළ නොහැකියි .
ගාසා යුද්ධයෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ගාසා අරමුදල ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා. ඒ අනුව පළමුව ඩොලර් මිලියනයක් ලබාදීමට කටයුතු කළා. අප කුඩා රටක් වුවත්, බංකොළාත් වූ රටක් ලෙස නම් කර තිබුණත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියනක මුදලක් ලබා දුන්නා. ඒ සඳහා ආධාර කරන ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඔබ ලබාදුන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් මගේ ස්තූතිය පළ කරනවා. ඒ වගේම භූමිදානය කිරීමේ ප්‍රශ්නය මෙරට මුස්ලිම් ජනතාවට විශාල ගැටළුවක්ව පැවතුනා.එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන ක්‍රියාත්මක නොකර වෙනම කොමිටියක් පත් කරනු ලැබුවා. එහිදී ප්‍රශ්නයක් මතු වුණා. ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව තුළ විශාල සිත් රිදීමක් ඇති වුණා.
ඒ නිසා තමන්ගේ කැමැත්ත පරිදි භූමිදානය කිරීමට හෝ ආදාහනය කිරීමට, කැමතිනම් වෛද්‍ය පීඨයට දේහය භාරදිය හැකි අන්දමින් අලුත් නීතියක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා ඉදිරියේදි එවැනි ප්‍රශ්න ඇති නොවන ලෙස අප විසදුම් ලබා දී තිබෙනවා. මම ප්‍රමුඛත්වය දී තිබෙන්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමටයි. අපට තව ඉතා කෙටි කළකින් එම අරමුණ ඉටුකරගත හැකියි.
ඉන් පසුව රටේ අනෙකුත් ප්‍රශ්න විසදා ගැනීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ වගේම ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18