ගාසා තීරය සම්පූර්ණ නිරායුධකරණයක් සඳහා හමාස් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් එකඟ වෙයි

ගාසා තීරයේ හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් “සම්පූර්ණ නිරායුධකරණය” සඳහා සාම මණ්ඩලය එකඟතාවයකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Truth Social සමාජ මධ්‍යයේ පළ කළ සටහනකින් ට්‍රම්ප් සඳහන් කළේ, මෙය ඊශ්‍රායල සහ ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා කර ඇති “Trump 20-Point Plan” ක්‍රියාත්මක කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවයි.

මේ අතර ගාසා තීරයේ සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීමේ සාම මණ්ඩලයේ සැලැස්මට ඔවුන් එකඟ වී ඇති බවත්, නිල ප්‍රකාශයක් ඉක්මනින් නිකුත් කරන බවත් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

නිරායුධකරණය අවසන් වූ පසු ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වන බව ට්‍රම්ප් පැවසූ අතර, ගිවිසුම නව පලස්තීන රජයක් විසින් අවසානයේ ගාසා තීරය පාලනය කිරීම සඳහා තීරණාත්මක පියවරක් ලෙසයි හඳුන්වනු ලැබුවේ.

ඇමරිකා එක්සත් ජනපද මැදිහත් වූ ගාසා සටන් විරාම සැලැස්මේ දෙවන අදියරට හමාස් සංවිධානය නිරායුධකරණය ඇතුළත් වන අතර, දෙවන අදියරට ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම ද ඇතුළත්.

මේ අතර මෙම එකඟතාව සඳහා මැදිහත් වූ ඊජිප්තුව, කටාර් සහ තුර්කියට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ස්තුතිය පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32