ගාසා තීරයේ ‘සිවිල් සාමය’ බිඳ වැටීම ඇරඹෙයි

ගාසා තීරයේ ඇති ආහාර ගබඩාවලට දහස් ගණනක් මිනිසුන් කඩා වැදීමෙන් පසු ගාසා තීරයේ ‘සිවිල් සාමය’ බිඳ වැටීමට පටන් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) පැවසුවේ තිරිඟු, පිටි සහ අනෙකුත් සැපයුම් ගබඩා කිහිපයකින් කොල්ලකෑමට ලක්ව ඇති බවයි.

ගාසා තීරයේ මැද සහ දකුණු ප්‍රදේශවල ගබඩා කිහිපයකට සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන කිහිපයකට ඇතුළු වූ දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව තිරිඟු පිටි සහ සනීපාරක්ෂක සැපයුම් වැනි අනෙකුත් මූලික පැවැත්මේ ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගාසා තීරයේ බිඳවැටී තිබූ විදුලි සංදේශන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

මේ අතර ඊශ්‍රායල – හමාස් යුද ගැටුම දෙවැනි අදියරක් කරා යොමු වී ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසනවා.

මේ වනවිට ගාසා තීරයට ගොඩබිමෙන් ඇතුළු වූ ඊශ්‍රායල හමුදාවන් දින දෙකක සිට එහි රැඳී සිටිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමකයි ඊශ්‍රායල අගමැතිවරයා මේ බව පවසා ඇත්තේ.

ඊශ‍්‍රායලය සිය ගුවන් ප‍්‍රහාර තීව්‍ර කරමින් මෙහෙයුම්වල ඊළඟ අදියර කරා පැමිණීමත් සමඟ ගාසා තීරයේ යුද්ධය දිගු හා දුෂ්කර එකක් වනු ඇති බවයි අගමැති නෙතන්යාහු වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් පවසන්නේ ඊශ්‍රායලය සමඟ ක්ෂණික සිරකරුවන් හුවමාරුවක් සඳහා තම කණ්ඩායම සූදානම් බවයි.

පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිට ආරම්භ වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 7,703ක් මිය ගොස් ඇති බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56