spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ රෝහල් කටයුතු නතර වීමේ අවදානමක්

ගාසා හි පවතින ඉන්ධන තොග අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් නතර කිරීමේ අවදානමක් මතුව තිබෙනවා.

ගාසා තීරයේ විශාලතම ආධාර සැපයුම්කරු වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තමන්ට නව සැපයුම් තොග නොලැබුණහොත් අද රාත්‍රියේ තම කටයුතු අවසන් කිරීමට සිදුවන බවයි.

ගාසා තීරයට නව සැපයුම් ළඟාවීම ඊශ්‍රායලය විසින් නතර කරන ලද අතර හමාස් සංවිධානය දැනට පවතින ඉන්ධන තොග ගබඩා කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ තවත් ආධාර සහිත ලොරි අටක් ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වුව ද නියෝජිතායතන පවසන්නේ අවම වශයෙන් ආධාර ලොරි 100ක දෛනික අවශ්‍යතාවක් පවතින බවයි.

රාත්‍රිය පුරා පැවති ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ පුද්ගලයන් 80 දෙනෙකු මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය පවතින රජය පවසනවා. තමන් ත්‍රස්තවාදී යටිතල පහසුකම් පමණක් විනාශ කළ බවයි ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (IDF) පවසන්නේ.

මේ අතර ගාසා තීරයේ දී ‘මානුෂීය නීතිය පැහැදිලිව ම උල්ලංඝනය කර ඇති’ බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසනවා.

ඔහු පවසන්නේ ගාසා තීරයේ ජාත්‍යන්තර මානුෂීය නීතියේ පැහැදිලි උල්ලංඝනයන් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

සිවිල් වැසියන් “මිනිස් පලිහ” ලෙස භාවිතා කිරීම සහ ඉවත් කිරීමේ නියෝගයකින් පසු දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලය වෙත එලල කෙරුණු හමාස් ප්‍රහාරය “රික්තයක් හමුවේ සිදු වූවක් නොවන බව” ගුටරෙස් යෝජනා කිරීමෙන් පසුව ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සම්බන්ධයෙන් කෝපයෙන් ප්‍රතිචාර දක්වනු ලැබුවා.

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දේශනයකදී කළ “අමුතු” ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.

ආධාර ප්‍රමාණවත් තරම් “ඉක්මනින් නොලැබෙන බව” එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් පවසන අතර ආධාර ට්‍රක් රථ අටක් අද ගාසා තීරයට ඇතුළු වූ බව පලස්තීන රතු අඩ සඳ ව්‍යාපාරය ප්‍රකාශ කළා.

හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 200 කට වැඩි පිරිසක් ගාසා තීරයේ දිගටම රඳවා සිටින අතර මේ වන විට ඉන් හතර දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයට දැඩි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර හමාස් පාලනයේ පවතින ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 7 වනදා සිට 5,800 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවයි.

හමාස් තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 1,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතරින්, වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු වන නූරිට් කූපර් සහ යෝචෙෆ් ලිෆ්චෙස්ට් හමාස් සංවිධානය විසින් නිදහස් කරනු ලැබ ඇති නමුත් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් තවමත් රඳවාගෙන සිටින බවයි ඊශ්‍රායලය තහවුරු කර ඇත්තේ.

සඳුදා සවස හමාස් සංවිධානය විසින් නිදහස් කරන ලද මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා 79 හැවිරිදි සහ 85 හැවිරිදි වියේ පසුවන අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ටෙල් අවීව් වෙත රැගෙනවිත් ඇතැයි සඳහන්.

“මානුෂීය” සහ සෞඛ්‍ය හේතු මත කාන්තාවන් නිදහස් කළ බවයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

සිය හමුදා පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ආරක්ෂිත වැටට බටහිර දෙසින් ඇතුළු වූ බවත්, ත්‍රස්තවාදීන්, ආයුධ සහ ප්‍රාණ ඇපකරුවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඊශ්‍රායල් හමුදාව පවසනවා.

ඊශ්‍රායල් ආරක්ෂක බලකායට අනුව, එම මෙහෙයුම අතරතුර හමාස් සංවිධානය මිසයිල ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.

හමාස් සංවිධානය කියා සිටියේ තමන් දකුණු ගාසා තීරයේදී ඊශ්‍රායල් යුද ටැංකියක් විනාශ කළ බවයි. යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරයකින් තම එක් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය (IDF) ප්‍රකාශ කළා.

හමාස් සන්නද්ධ අංශය පවසන්නේ මෙම ගැටුම දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට නැගෙනහිරින් සිදුවූ බවත් ඊශ්‍රායල සොල්දාදුවන් “මීටර් කිහිපයක්” ඔබ්බට ආරක්ෂිත වැට තරණය කළ බවයි.

ආක්‍රමණික හමුදාව සමඟ ගැටුණු අතර ඊශ්‍රායල් බුල්ඩෝසර් දෙකක් සහ ටැංකියක් විනාශ කළ බව හමාස් සන්නද්ධ අංශය පවසනවා“.

හමාස් සටන්කාමීන් පසුගිය 7 වනදා ගාසා තීරය ආසන්නයේ ඊශ්‍රායල් ප්‍රජාවන්ට ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ගේ නිවෙස්වල, වීදිවල සහ සංගීත උත්සවයක සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමෙන් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,400 කට වැඩි පිරිසක් මිය ගියා.

හමාස් සංවිධානය විසින් පාලනය කරන ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලය ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් භූමියට බෝම්බ හෙලීමට පටන් ගත් දා සිට පුද්ගලයින් 4,600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසන්නේ, ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, බටහිර ඉවුරේදී තමන්ට අවශ්‍ය සිටි පලස්තීනුවන් 800ක් පමණ අත්අඩංගුවට ගත් අතර හමාස් සංවිධානයට සම්බන්ධ 500කට අධික පිරිසක් ඊට ඇතුළත් බවයි.

හමාස් සාමාජිකයින් 37 දෙනෙකු ඊයේ රාත්‍රිය පුරාවට අත්අඩංගුවට ගත් බව ද ඊශ්‍රායල් හමුදාව ප්‍රකාශ කළා.

බටහිර නායකයින් සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බවට අවධාරණය කරන පසුබිම තුළ ගාසා තීරය වෙත තවත් ආධාර තොගයක් යවා තිබෙනවා.

මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට යැවූ බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් නිවේදනය කළේ.

ආධාර රැගත් ට්‍රක් රථ 14 කින් සමන්විත දෙවන මානුෂීය රථ පෙළට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලද බව සඳහන් කරමින් මාර්ටින් ග්‍රිෆිත්ස් සඳහන් කළේ, මෙය ගාසාහි ජනතාව ලද “බලාපොරොත්තුවේ කුඩා ආලෝකයක්” බවයි.

Oxfam පුණ්‍යායතනය ආධාර යැවීමට අවසර දීම ගැන සිය ප්‍රසාදය පළ කළ නමුත් “දිනකට ට්‍රක් රථ කිහිපයක් යැවීම ප්‍රමාණවත් නොවන” බව අවධාරණය කරනු ලැබුවා.

ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කිරීමට ප්‍රතිඥා දී ඇති අතර තවදුරටත් උතුරු ගාසාහි රැඳී සිටින පලස්තීන සිවිල් වැසියන්ට දකුණට පලා යන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල් හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ මෙය “යුද්ධයේ මීළඟ අදියරේදී අපගේ හමුදාවන්ට ඇති අවදානම අවම කිරීමට” ඉඩ සලසන බවයි. මීළඟ අදියර ගොඩබිම් ආක්‍රමණයක් වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මධ්‍යම ගාසාහි රෝහලකදී ගත් ඡායාරූපක ළමුන් 12 දෙනෙකුගේ ඇතුළු මළ සිරුරු පේළියට තබා ඇති ආකාරය දැක්වෙන අතර ඔවුන් මිය ගියේ කවදාද කොහේදී ද යන්න පැහැදිලි වී නැහැ.

රෝහලේ කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙක් බීබීසීයට පැවසුවේ මියගිය අයගේ සිරුරු එතීමට රෙදිපිළි පවා නොමැති බවයි.

හමාස් සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එල්ල වූ ප්‍රහාර වලින් පලස්තීනුවන් 266 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඊට ළමුන් 117 දෙනෙකු ද ඇතුළත් බවයි. ඊශ්‍රායලය පවසන්නේ තමන් එක රැයකින් “ත්‍රස්තවාදීන් දුසිම් ගණනක්” මරා දැමූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?