ගාසා තීරයේ පාසලකට ගුවන් ප්‍රහාරයක්

ගාසා හි එක්සත් ජාතීන් විසින් පවත්වාගෙන ගිය පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිය ගණනක් අවතැන් වූවන් රැඳී සිටි බව සඳහන්.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ මෙම පාසල හමාස් කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය බවයි.

ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. පාසලේ ඉහළ මහලේ පන්ති කාමර දෙකකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කෙරුණු බව ගාසා හි රැඳී සිටින ජනමාධ්‍යවේදියෙක් බීබීසී පුවත් සේවය වෙත පවසා තිබුණා.

මේ අතර නවතම වාර්තාවක් නිකුත් කරමින යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ගාසා හි පෝෂ්‍යදායී ආහාර වේලක් හිමිවන්නේ දරුවන් දස දෙනෙක් අතුරින් එක් අයෙකුට පමණක් බවයි.

ඔවුන් බොහෝ විට දිනකට ආහාර වේල් දෙකකින් හෝ එකකින් යැපෙන බව අදාල වාර්තාවේ සඳහන්.

ගාසා තීරයේ, මාස ගනනාවක් තිස්සේ පවතින් සටන් සහ මානුෂීය ආධාර සීමා කිරීම් හේතුවෙන් ආහාර සහ සෞඛ්‍ය පද්ධති බිඳ වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14