ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර – 16ක් ජීවිතක්ෂයට

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.

තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවයි එම බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරේ අවතැන් වූවන් දහස් ගණනකට මෙම පාසල් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක බලකාය පැවසුවේ අල්-ජාඕනි පාසල් ප්‍රදේශයේ පිහිටි ව්‍යුහයන් තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු ඉලක්කකර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ප්‍රහාරය ඇසින් දුටු සාක්ෂිකරුවන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාර්යබහුල වෙළඳපොළක් අසල පිහිටි පාසලේ ඉහළ මාලයට ප්‍රහාරය එල්ල වූ බවයි.

7,000ක් පමණ පිරිසක් මෙම ගොඩනැගිල්ල නවාතැන් ලෙස භාවිත කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සෙනසුරාදා එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය අය අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පස්දෙනෙකු ද සිටින බවයි හමාස් සංවිධානය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01