spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාසා තීරයේ ගැටුම් ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

යුද ගැටුම් පිලිබඳ අමිහිරි අතීත මතකයන් ඇති ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා පලස්තීන වැසියන් මුහුණ දෙන අසාධාරණය පිළිබඳ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මානව සමාජය මුහුණ දෙන ස්වභාවික විපත් කාලගුණික හා දේශගුණික විපර්යාස, දුප්පත්කම හා කුසගින්න නිවා දැමීමට කටයුතු කිරීම වෙනුවට ලෝකයේ ප්‍රධාන බලවතුන් සිදු කරන්නේ යුද ගැටුම් තුලින් ලෝක සමාජය අස්ථාවර කිරීමට නම් අප කෙතරම් ජාත්‍යන්තර සම්මුතීන් සමග අත්වැල් බැඳ සිටියත් ඉන් කිසිදු පුරවැසියෙකුට යහපතක් නොවනු ඇති බවයි.

එබැවින් මිනිසුන් ඝාතනය කරනු ලබන්නේ කවුරුන් වුව ද එය අප අවබෝධත්වය ලබා ඇති බුදු ධහම අනුව දැඩි විපාක කවදා හෝ සිදුවන දෙයක් බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ගාසා තීරයේ දිනෙන් දින වර්ධනය වන යුදමය වාතාවරණයත් ඒ තුළින් සිදුවන මානව සංහාරයත් පිළිබඳ ඉතා දැඩි කම්පනයෙන් පසුවන බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

Maithreepala Sirisena
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?