ගාසා තීරයට කඩිනම් සටන් විරාමයක් සහ අඛණ්ඩ මානුෂීය ආධාර ලබා දිය යුතුයි – ජනපති (වීඩියෝ)

පලස්තීනය සඳහා වන ද්විත්ව රාජ්‍ය සංකල්පය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මැද පෙරදිග රටවල් 10 ක තානාපතිවරුන් සමග අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ස්ථීර සහ ක්‍රියාකාරී පලස්තීන රජයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටින අතරම බටහිර ඉවුරේ (West Bank) සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන් තීරණාත්මක පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එක් රාජ්‍යයක් පිහිටුවීම මගින් ද්විත්ව රාජ්‍ය විසඳුමක් ලබා දිය නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර මෙන්ම ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීම සාධාරණීකරණය නොකළ යුතු බව තරයේ ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සාමකාමී යෝජනාවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළා.

මීට අමතරව, ගාසා තීරය වෙත ශ්‍රී ලංකාවද මානුෂීය ආධාර සැපයීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාසා තීරය වෙත මානුෂීය අධාර සැපයීම් අඛණ්ඩව සිදු කරන ලෙස ද ඉල්ලා සිටියා.

පලස්තීන ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නොසැලෙන කැපවීම පෙන්නුම් කරමින් සටන් විරාමයක් ඇතිකරගන්නා ලෙසටයි ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.

පලස්තීනය සහ ගාසා තීරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ස්ථාවර සහයෝගය වෙනුවෙන් මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් සහභාගී වූ තානාපතිවරු එහිදී සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ගාසා තීරයේ සිදුවන සටන් නැවැත්විය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය පිළිබඳ සිහිපත් කළ තානාපතිවරු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකාවේ නොසැලෙන ස්ථාවරය ද අගය කළා.

ශ්‍රී ලංකාව රතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට සහභාගී වීම පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී ඇති බව ද සඳහන් කර තිබෙනවා.

බටහිර රටවල් සමඟ පවතින සබඳතාවලට අමතරව ආසියාව, බටහිර ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග යන කලාප සමඟ ද පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව අවධාරණය කළ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව අනුගමනය කරන පුළුල් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධව තානාපතිවරුන් වෙත කරුණු පැහැදිළි කරනු ලැබුවා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා ප්‍රමුඛ, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඉරානය, කුවේට්, සෞදි අරාබිය, ඕමානය සහ ඉරාකය යන රටවල තානාපතිවරුන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23