ගාස්තු වැඩි කළත් විදුලිබල මණ්ඩලයට තවමත් පාඩුයි – ජනපති

විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදුකළ ද විදුලිබල මණ්ඩලය තවමත් පාඩු ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවතින අසීරු තත්ත්වයෙන් මිදීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි.

ඒ, අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වියදම් කපා හැරීමට හෝ ඒ සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

“ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි එයින් මිදෙන්න අවශ්‍යයයි. එයින් ගැලවීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් අපේ වියදම් කපා හැරීමට හෝ ඒ සඳහා මුදල් සොයා ගැනීමට අපට සිදු වෙනවා. ඇතැම් අංශ වලින් අපි එහෙම කළා. නමුත් ඇතැම් අංශ වලට අපි මුදල් සොයා ගන්න අවශ්‍යයි. පසුගියදා අපිට විදුලි බිල වැඩි කරන්න සිදු වුනේ ඒ නිසයි. එලෙස සිදුකළත් තවමත් විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා. මෙයට වෙන විකල්පයක් නෑ. නැත්නම් අපිට ඉන්න වෙන්නේ විදුලිය නැතුව. අපිට ඉක්මනින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් සමහර දේවල් අකමැත්තෙන් වුවත් කළයුතුව තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14