ගාලුමුවදොර බණ්ඩාරනාය පිළිරුව ඉදිරියේ දී අයෙක් මුහුදට බිළිවෙයි

ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව ඉදිරිපිට මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මුහුදු තීරයේ දියනාමින් සිටි අතර අවට සිටි පුද්ගලයින් එම ස්ථානයේ දිය නෑමට නොයන ලෙසට ඔහුට විටින් විට දන්වා සිටියදී එය නොතකා ඔහු එසේ දියනාමින් සිට ඇත.ඒ අතරතුර දි ඔහු දියේ ගිලීමට ලක්ව ඇත.

මියගිය තැනැත්තාගේ වයස අවුරුදු 40 ක් වන අතර අනන්‍යතාව මේ වනතුරුත් තහවුරු වී නැහැ.ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සදහන් කළා.

මේ සම්බන්ධව කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.