ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානය විසින් පවත්වනු ලබන ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හෙට (12) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම අවසන් රන්දෝලි පෙරහර හෙට (12) දිනයේ රාත්‍රී 07.00 ට වීදි සංචාරය කිරිමට නියමිතයි.
ඒ අනුව මෙම පෙරහැර සදහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.
පහත දැක්වෙන්නේ පොලීසිය විසින් නිකුත් කල විශේෂ රථවාහන සැලැස්මට අදාළ නිවේදනයයි.














