ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව හදිස්සියේම මෙතෙක් හෙළි නොකළ රහසක් හෙළිකරයි

සමිතා මුදුන්කොටුව කියන්නේ අතිශය ජනප්‍රිය ගී රැසක්ම ගැයූ කවුරුත් දැන අඳුනන ගායන ශිල්පිනියක්. ඒ වගේම ඇය ඇගේ යූටියුබ් නාලිකාවෙනුත් නිරන්තරයෙන් රසිකයින් හමුවෙන්න එනවා.

ඒ විදිහට පසුගිය දවසක, වීඩියෝවකින් ආපු ඇය, අපූරූ කතාවක් කිව්වා. මේ තියෙන්නෙ ඒ කතාව. “මම වැඩක් නැති දේවල්වලට නම් දුක් වෙන කෙනෙක් නෙවෙයි. අපිට අපේ ජීවිතය, ජීවත් වෙන්න ඕනි ජීවිතේ විඳින්න. ඉතින් මම හැමදාම කියනවා වගේ සතුටින් ඉන්න, ජීවිතේ විඳවන්න එපා..

ගොඩක් කට්ටිය ආසයි වැඩක් නැති දේවල් තමන්ගේ කරගෙන ප්‍රශ්නත් එක්ක ගත කරන්න..අනුන්ගේ දේවල් ගැන හිතන් නැතුව තමුන්ගේ දේ හරියට කරගන්න…” “ගොඩක් අය හිතනවා සල්ලි ගොඩක් තිබ්බොත් ජීවත් වෙන්න හරිම ලේසියි කියලා. මම හිතන්නේ සල්ලි ගොඩක් තියෙන තැන්වලත් ප්‍රශ්න තියෙනවා. සමහර අය කැමතියි, කොච්චර දේවල් තිබුණත්,

අනේ මට එයාට වඩා නෑනේ කියලා ගොඩක් ජීවිතේ දුකක් කරගන්න. පොඩි උදාහරණයක් කිව්වොත්, ආදරය ගැන කතා කළොත් මම නම් සාමාන්‍යයෙන් කැමතියි ආදරයක් ලස්සනට කරගෙන යනවා දකින්න…” “ඉතින් එහෙම නැතුව, ඒ දේවල්වලට දුක් වේවි, ගෙවල්වල ඒවා කතා කර කර, තමන්ගේ දේවල් අතපසු කරගෙන ජීවත් වෙනකොට, තමන්ගේ කාලයත් නිරපරාදේ අපතේ යනවා. අපිට තියෙන දේ අපි රැකගෙන අපි ලස්සනට ජීවත් වෙමු.

එහෙම ජීවිතයක් තමයි මම නම් ගෙවන්නේ. මම කැමතියි හැමෝම ජීවිතේ විඳිනවා බලන්න. හැමවෙලාවෙම අපි පොසිටිව් විදිහට හිතමු…” “මම කැමතියි ඔයාලත් මං විදිහට හිතනවා නම්. මමත් සීයට සීයක් සම්පූර්ණ කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් මට කිසිම අඩුවක් තිබුණේ නැහැ.

ඒ වගේම තමයි, මට ආව ප්‍රශ්න, ප්‍රශ්න කරගත්තෙ නෑ. ඒවා මාධ්‍යයට කියන්න ගියෙත් නෑ. මම හැමවෙලාවෙම නිශ්ශබ්දව ඒවාට උත්තර දුන්නා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16