ගාමිණී වලේබොඩ කෝප් කමිටුවට සමුදෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ද පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වුණා.

එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් , කෝප් කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ද කෝප් සාමාජිකත්වයෙන් ඉවත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ඉල්ලා වීමටයි කටයුතු කළේ.