spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ග්‍රෙගරි වැවේ මළ සිරුරක්

ඊයේ සවස නුවරඑළිය ග්‍රෙගරි වැවට වැටුණු පුද්ගලයෙකුගේ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.

ඊයේ (26) සවස 6ට පමණ මෙලෙස වැවට වැටී තිබුණේ නාවලපිටිය, ගැටබුලාව, හරංගල වත්ත පදංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කාර්මික නිලධාරියෙකු වන අතර ඔහුගේ මළ සිරුර අද උදෑසන නුවරඑළිය පොලිසියේ ජීවිත ආරක්ෂක ඒකකය විසින් ගොඩ ගෙන තිබෙනවා.

ඊයේ සවස නාඳුනන පුද්ගලයකු නුවරඑළිය ග්‍රෙගරි වැව පාලම අසලින් වැවට වැටුණු බව එම ස්ථානයේ ගමන් කළ තරුණියන් දෙදෙනෙකු නුවරඑළිය පොලිසියට තොරතුරු ලබා දී තිබුණා.

ඒ අනුව පැය 18ක පමණ කාලයක් සිදු කළ සෝදසි මෙහෙයුමකින් අනතුරුවයි මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

මරණකරුගේ මුදල් පසුම්බියේ තිබු ජාතික හැඳුනුම්පත මඟින් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකිව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නුවරඑළිය මහ රෝහලට ගෙන යෑමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?