ග්‍රෙගරි වැවේ මළ සිරුරක්

ඊයේ සවස නුවරඑළිය ග්‍රෙගරි වැවට වැටුණු පුද්ගලයෙකුගේ සිරුරක් අද සොයා ගෙන තිබෙනවා.

ඊයේ (26) සවස 6ට පමණ මෙලෙස වැවට වැටී තිබුණේ නාවලපිටිය, ගැටබුලාව, හරංගල වත්ත පදංචි 64 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු කාර්මික නිලධාරියෙකු වන අතර ඔහුගේ මළ සිරුර අද උදෑසන නුවරඑළිය පොලිසියේ ජීවිත ආරක්ෂක ඒකකය විසින් ගොඩ ගෙන තිබෙනවා.

ඊයේ සවස නාඳුනන පුද්ගලයකු නුවරඑළිය ග්‍රෙගරි වැව පාලම අසලින් වැවට වැටුණු බව එම ස්ථානයේ ගමන් කළ තරුණියන් දෙදෙනෙකු නුවරඑළිය පොලිසියට තොරතුරු ලබා දී තිබුණා.

ඒ අනුව පැය 18ක පමණ කාලයක් සිදු කළ සෝදසි මෙහෙයුමකින් අනතුරුවයි මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

මරණකරුගේ මුදල් පසුම්බියේ තිබු ජාතික හැඳුනුම්පත මඟින් ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකිව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා නුවරඑළිය මහ රෝහලට ගෙන යෑමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14