ග්‍රෙගරි වැවෙන් නාඳුනන මළසිරුරක්

නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

එම මළ සිරුර අද (16) පස්වරුවේයි සොයාගෙන ඇත්තේ.

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාලම අසල සිරුර පාවෙමින් තිබූ බවත්, එම සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.