ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වෙන දිනය ගැන අගමැති කියයි

ග්‍රාම නිලධාරි විභාග එළඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදු කරනු ලැබුවා.

ඒ අද පෙරවරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දිවයිනේ ඇති ග්‍රාම නිලධාරි පුරප්පාඩු 2763ක් පිරවීමට මහා භාණ්ඩාගාරයේ අවසරය හිමි ව ඇති බවයි.

ඊට අදාළ බඳවා ගැනීම් සඳහා සුදුසුකම් සැපිරූ අපේක්ෂකයින් හට එළඹෙන දෙසැම්බරයේ දී තරග විභාගය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද සඳහන් කළා.