ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට

දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් බිලියන 20කට ආසන්න ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර විශේෂඥ දැනුමක් සහිත ප්‍රංශයේ ලසාඩ් සමාගම තෝරාගනු ලැබුවා. ඒ වගේම ජාත්‍යන්තර ණය නොගෙවීම නිසා මතුව ඇති නීතිමය කටයුතු වෙනුවෙන් ක්ලිෆර්ඩ් හාන්ස් සමාගම තෝරා ගත් බව කිව යුතුයි. ඔවුන් ණය හිමියන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කළ නිල සංචාරවලදී මේ සඳහා සහාය ලබා ගැනිමට ජපානය, ඉන්දියාව සහ චීනය සමඟ සාකච්ඡා කළා.

අද වන විට නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීමට ජාත්‍යන්තරය එකඟ වී තිබෙනවා. එය රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව කිව යුතුයි. මේ අනුව රටට නැවත වරක් හුස්ම ගැනීමට අවස්ථාවක් හිමි වී තිබෙනවා. මෙම ජයග්‍රහණයත් සමඟ නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ හැකියාව ලැබෙනවා. ඇතැම් මාර්ග, පාලම් අබලන් වෙලා. ගුවන් පාලම්වල වැඩ අතරමඟ නතර වෙලා තිබෙනවා. දෙස් විදෙස් ණය ලබාගෙන තමයි රටේ සංවර්ධන ව්‍යාපෘති සිදු කරන්නේ. එම නිසා මෙලෙස නතර වී ඇති සියලුම ව්‍යාපෘති ලබන වසරේ ආරම්භ කිරීමට අපට හැකියාව ලැබෙනවා.

ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව සමඟ රුපියල් බිලියන 20කට ආසන්න ණය ගිවිසුමකට අප එළැඹ තිබෙනවා. අදාළ ණය මුදල රට පුරා ග්‍රාමීය ප්‍රදේශවල අබලන් වී ඇති මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි. එම මාර්ග පිළිබඳව සොයා බලන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ලබන සතිය වන විට මාර්ග අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට හැකි වෙනවා.

දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග සම්බන්ධව බොහෝ දෙනෙක් විවිධ මත ප්‍රකාශ කරනවා. කාර්යක්ෂම දුම්රිය මාර්ග පද්ධතියක් ඇති කිරීමට නම් දුම්රිය පීලී නවීකරණය කළ යුතුව තිබෙනවා. මම මෙම අමාත්‍යාංශය භාර ගන්නා අවස්ථාව වන විට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුම්රිය මැදිරි 160ක් ආනයනය කර තිබුණා. මේ දුම්රිය මැදිරිවල ගෙවීමට තිබූ දඩ මුදල් ගෙවා දුම්රිය මැදිරි 123ක් ධාවනයට යොමු කිරීමට අප පියවර ගනු ලැබුවා.

කවුරු බලයට පැමිණියත් රටේ සංවර්ධන ව්‍යාපෘති කළහැකි වන්නේ දෙස් විදෙස් ණය ආධාර මත පමණයි. සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කිරීමට තරම් ආර්ථික ශක්තියක් අපේ රටට නැහැ.

එමෙන්ම වරාය, ගුවන් තොටුපළ, ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආදායම් උත්පාදනය කළ හැකි සියලු ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. යල්පැනගිය ක්‍රමවේද තුළින් තවදුරටත් ඉදිරියට යන්න
බැහැ.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට නම් රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීම අත්‍යවශ්‍යයි. මෙවර අයවැය තාක්ෂණික ගැලපුමකට අනුව සකස් කළ අයවැයක් බව කිව යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14