ගසකින් ඇද වැටුණු ‘කොවිඩ් රෝගියාව’ අවදානම පසෙකලා බේරාගත් සැත්කම

ගසකින් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව තිබූ කොවිඞ් ආසාදිත හැට හැවිරිදි පුද්ගලයකුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රතිශතය පහළ බැස සිහි නැති කිරීමට නොහැකි මට්ටමේ දැඩි අවදානමක් තිබියදී සාර්ථකව අදාළ පුද්ගලයාට සැත්කමක් සිදු කිරීමට මහනුවර ජාතික රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

පැය තුනක පමණ කාලයක් ගතව තිබෙන මෙම සැත්කමට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු හයදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සම්බන්ධ වී සිටියා.

සාමාන්‍ය තත්ත්වයේ පසුවන රෝගියකුට සුෂුම්නාවේ සැත්කමක් කිරීම එතරම් විශේෂ කාරණයක් නොවන නමුත් මෙම රෝගියාට ‘කොවිඞ්’ ආසාදනය වී තිබීමත් සමග ඔහුගේ ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය සියයට අසූවක් පමණ දක්වා පහත බැස තිබියදී නිර්වින්දනය කර සැත්කම සිදු කිරීම අති විශේෂ කාරණයක් බව විශේෂඥ වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා පුවත්පත් වෙත සඳහන් කර තිබෙනවා.

ඉණිමගක ආධාරයෙන් කොස් ගෙඩියක් කැඞීමට ගොස් ඉන් ඇද වැටී සුෂුම්නාවට බරපතළ හානි සිදුව කෑගල්ල රෝහලට ඇතුළත් කළ හැට හැවිරිදි පුද්ගලයකු මෙම සැත්කමට ලක්වුණා.

අදාළ පුද්ගලයා මහනුවර ජාතික රෝහලට මාරු කර එවන විට ඔහුගේ පාද අප‍්‍රාණික තත්ත්වයට පත්වෙමින් තිබූ බවත් මේ නිසා සැත්කමක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වූ බවත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මහතා පවසනවා.

එවැනි මට්ටමකට ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය අඩුව තිබිය දී සාමාන්‍යයෙන් මේ ආකාර සැත්කමක් සිදු නොකරන බව ද හෙතෙම අවධාරණය කළා.

පසුගිය 07 වැනිදා සැත්කමට භාජනය කරන ලද මෙම පුද්ගලයා මේ වන දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට පත්වෙමින් තිබෙන බවත් උඩගෙදර මහතා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32