ගස් දෙකක් කඩා වැටී වාහන රැසකට අලාභ හානි (ඡායාරූප)

මහනුවර තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩා වැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන රැසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද පෙරවරු 11ට පමණ එකිනෙකට යාව පිහිටි බෝ ගසක් සහ සපු ගසක් කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ගස් කඩා වැටීමෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, මෝටර් රථ, වෑන්, ත්‍රී රෝද රථ ඇතුළු වාහන 8කට දැඩි අලාභ හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

අනතුරින් තුවාල ලද දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව සහ නගර සභාව එක්ව කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කළ අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු පැය කීපයක් අත්හිටුවා තිබූ බව සඳහන්.

vlcsnap 2023 12 27 13h18m54s893
vlcsnap 2023 12 27 13h19m18s619
vlcsnap 2023 12 27 12h02m21s660


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21