ගසක් කඩා වැටී දරුවෙක් මිය ගිය ජාත්‍යන්තර පාසලේ විදුහල්පති හැංගිලා

කඩා වැටුණු ගසකට යටවීමෙන් කුඩා දරුවෙක් මියයාමේ සිද්ධියේ, එම දරුවා අධ්‍යාපනය ලැබූ ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා අදාළ විමර්ශන කටයුතුවලට සහාය නොදී මඟහැර සිටීම පිළිබඳව පොලිසිය ඔහුට එරෙහිව නීතිමය කටයුතු අරඹා තිබෙනවා.

අදාළ ජාත්‍යන්තර පාසලේ, පෙර පාසල් දරුවන් 30 දෙනෙක් ඊයේ (05) දහවල් විවේක කාලයේ දී සෙල්ලම් කරමින් සිටිය දී අසළ තිබූ ගසක් කඩා වැටී ඊට යටවීමෙන් මෙම දරුවා ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගියේ ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සහීම් අස්වී නැමැති පස් හැවිරිදි දරුවෙක්.

පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයා ඇතුළු තවත් විමර්ශන නිලධාරීන් පාසලට පැමිණ විමර්ශන අරඹා තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ ජාත්‍යනතර පාසලේ විදුහල්පතිවරයා වම අවස්ථාවන් මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශනය සඳහා පැමිණි නිලධාරීන් කිහිප අවස්ථාවකම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විමසුව ද පාසලේ අනෙකුත් ගුරුවරු සහ පාලනාධිකාරිය ඊට විවිධ හේතු දක්වා තිබුණා.

කෙසේ වෙතත් මෙම අවස්ථාව මඟ හැර සිටි විදුහල්පතිවරයා සම්බන්ධයෙන් ඇත්ගාල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

දරුවකු මිය යාම සහ තවත් දරුවන් තුවාලවීම පිළිබඳව පරීක්ෂණ සිදුකරන පොලිසිය විමර්ශන අවසානයේ ඊට වගකිවයුතු සියල්ලටම නීතිය ක්‍රියාත්මක කරන බවයි ඇත්ගාල පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06