ගව සරම්ප රෝගය ජීවිත 135ක් බිලිගනී

මධ්‍යම පළාතේ ගවයින්ට පැතිර යන ගව සරම්ප රෝගය හේතුවෙන් ගවයින් 135 දෙනෙකු මියගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පවසනවා.

රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇත.

නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වන සරම්ප මර්දනය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමට පශු සම්පත් නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.

දැනට පවතින එන්නත් ප්‍රමාණය රෝගය පාලනයට ප්‍රමාණවත් නොවන්නේ නම් හදිසි අවශ්‍යතාවයක් යටතේ ඒවා ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පවසනවා.

ආසාදිත සතුන්ගේ කිරි සහ මස් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇති නොවන බවත් මෙම රෝගය මිනිසුන්ට වැළඳීමේ අවදානමක් නොමැති බවත් වෛද්‍ය හේමාලි කොතලාවල වැඩිදුරටත් පැවසුවාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48