ගවයන් ප්‍රවාහනය කළ ලොරියකට වෙඩි – පුද්ගලයෙක් මරුට

ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එහි ගමන් කළ අයෙකු මියගොස් තිබෙනවා.

මිද්දෙනිය තෝරකොළයාය ප්‍රදේශයේදී කිසියම් අයෙකු ලොරියට වෙඩි තබා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ වීරකැටිය හිඟුරුමුලන ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්. වෙඩි වැදීමෙන් සුළු තුවාල සිදු වූ පුද්ගලයෙකු පළා ගොස් ඇතැයි ද පොලිසිය ප්‍රකාශ කළා.

ගවයින් පටවා ගත් ලොරිය අළුයම ඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙනිය දෙසට ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ලොරියේ ගමන් කළ පිරිස ලොරි රථය කුට්ටිගල බිංකම ප්‍රදේශයට රැගෙන ගොස් එහි සිටි ගවයින් මුදා හැර තුවාලකරු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට රැගෙන විත් තිබෙනවා.

තුවාලකරු රෝහලට රැගෙන එන විටත් ඔහු මිය ගොස් තිබූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට බාර දීමෙන් අනතුරුව ලොරියේ රියදුරු ලොරිය වීරකැටිය පොලිසියට බාර දී ඇති අතර පොලිසිය විසින් එහි සිටි දෙදෙනෙකු පොලිස් බාරයට ගෙන තිබෙනවා.

ලොරි රථයේ සිටි පුද්ගලයන් පොලිසියට පවසා ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් මිලදී ගත් ගවයින් කිහිප දෙනෙකු ලොරියෙන් ප්‍රවාහනය කරමින් සිටියදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ලොරියට වෙඩි තැබූ බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ අයෙකු මිය ගිය බවයි ඔවුන් පොලිසියට පවසා ඇත්තේ. ලොරියේ සිටි ඉතිරි තුන්දෙනා වීරකැටිය යග්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී තිබෙනවා.

බිංකම ප්‍රදේශයේ දමා ගිය ගවයින් කුට්ටිගල පොලිසිය විසින් පොලිස් බාරයට ගනු ලැබුවා.

මිද්දෙනිය ප්‍රදේශයේ ගව හිමියන් කිහිප දෙනෙකු ඊයේ දහවල් වීරකැටිය පොලිසියට පැමිණ තමන්ගේ ගවයින් කිහිප දෙනෙකුම පසු ගිය දිනවල කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇතැයි පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව වීරකැටිය පොලිසිය විසින් ඔවුන් කුට්ටිගල පොලිසියට යොමු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහ වීරකැටිය පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55