spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගලේවෙල ප්‍රදේශයේ පියෙකු විසින් නිදි යහනේ සිටි තම දරුවන් තිදෙනාට පහර දී සිය දිවිහාණි කරගනී

ගලේවෙල දේවහුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තම දරුවන් තුන්දෙනාට පහර දි තම නිවස පිටුපස ගෙලවැලලාගෙන සියදිවි හාණි කරගෙන තිබෙනවා. පහර කෑමට ලක්වු දරුවන් තුන්දෙනා බරපතල තුවාල ලබා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ අද අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි 13, 8 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට එලෙස අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහරදී ඇති බවය.

පසුව මිහිර විසින් නිවෙස පිටුපස ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවය.

බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මියගිය පුද්ගලයා   දරුවන් සහ ඔහුගේ මව සමග මෙම නිවසේ ජීවත්වී තිබූ බවද අනාවරණය වෙයි.

නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක තිබේ.

පසුව අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට ඇය කටයුතු කර ඇත.

සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදී මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අනාවරණය වී තිබේ.

අඩි 3ක් පමණ දිග පොල්ලක් සූදානම් කර එය නිවස පිටුපස සඟවා තිබී ඇති බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම මහනුවර මහා රෝහල වෙත එම දරුවන් දෙදෙනා මාරු කර යවා තිබේ.

ඒ අනුව දරුවන් දෙදෙනා සහ දැරිය මේ වනවිට  මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර තුවාල ලැබූ දැරියව රෝහලට රැගෙන ගිය අසල්වැසියෙක් සඳහන් කළේ,

“ඔලුවලට ගහලා තියෙන්නනේ. දුව කතා කරනවා. එයා කියනවා.. මොනවා වුණාද දන්නේ නෑලු. තාත්තා නං ගැහුවේ නෑ කියලා. නිදියගෙන ඉද්දි ගහලා තියෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?