ගලේවෙල ප්‍රදේශයේ පියෙකු විසින් නිදි යහනේ සිටි තම දරුවන් තිදෙනාට පහර දී සිය දිවිහාණි කරගනී

ගලේවෙල දේවහුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තම දරුවන් තුන්දෙනාට පහර දි තම නිවස පිටුපස ගෙලවැලලාගෙන සියදිවි හාණි කරගෙන තිබෙනවා. පහර කෑමට ලක්වු දරුවන් තුන්දෙනා බරපතල තුවාල ලබා මේවන විට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ අද අලුයම් කාලයේදී ඇඳ මත නිදා සිටි 13, 8 සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාට සහ දියණියට එලෙස අමානුෂික ලෙස හිසට පොල්ලකින් පහරදී ඇති බවය.

පසුව මිහිර විසින් නිවෙස පිටුපස ගසක ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ගම්වාසීන් පවසන්නේ මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත්ව කුලී වැඩ කරමින් සිටි අයකු බවය.

බිරිඳ නිවසෙන් බැහැරව සිටියදී මියගිය පුද්ගලයා   දරුවන් සහ ඔහුගේ මව සමග මෙම නිවසේ ජීවත්වී තිබූ බවද අනාවරණය වෙයි.

නිවසේ පිටත ඇති කාමරයක නිදා සිට ඇති මිහිරගේ මව දරුවන්ගේ කෙඳිරිල්ලක් හේතුවෙන් දොර විවෘත කර බලන විට දරුවන් ලේ විලක් මැද සිටින අයුරු දැක තිබේ.

පසුව අවට පිරිස් සමග එක්ව දරුවන් වහා රෝහල් ගත කිරීමට ඇය කටයුතු කර ඇත.

සියදිවි නසා ගත් මිහිර ඊයේ සවස් කාලයේදී මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා අනාවරණය වී තිබේ.

අඩි 3ක් පමණ දිග පොල්ලක් සූදානම් කර එය නිවස පිටුපස සඟවා තිබී ඇති බවද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ දරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් එම අවස්ථාවේදීම මහනුවර මහා රෝහල වෙත එම දරුවන් දෙදෙනා මාරු කර යවා තිබේ.

ඒ අනුව දරුවන් දෙදෙනා සහ දැරිය මේ වනවිට  මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර තුවාල ලැබූ දැරියව රෝහලට රැගෙන ගිය අසල්වැසියෙක් සඳහන් කළේ,

“ඔලුවලට ගහලා තියෙන්නනේ. දුව කතා කරනවා. එයා කියනවා.. මොනවා වුණාද දන්නේ නෑලු. තාත්තා නං ගැහුවේ නෑ කියලා. නිදියගෙන ඉද්දි ගහලා තියෙන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51