ගලේවෙල ඕමාරගොල්ලේ සිදු වු අභිරහස් මරණය

ගලේවෙල ඕමාරගොල්ල හත්අටුව ප්‍රදේශයේ නිවසක පිටුපස උදැල්ලක් මත සැකක‍ටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

දීර්ග කාලයක් සැමියා නොමැතිව දරු තිදෙනෙකු සමග ජිවත් වූ මෙම කාන්තාව තම දරුවන් විවාහ වීමෙන් පසුව මෙලෙස නිවසේ තනිව ජිවත් වී තිබෙනවා. අද උදැසන 8.30පමණ නිවසට පැමිණි හිතවතෙකු මෙම කාන්තාව නිවස පිටුපස වැටි ඇති ආකාරය දැක ප්‍රදේශවාසීන් හට දන්වා තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඒ .ජී ඇග්නස් වයස අවරුදු 55ක තිදරු මවක්.

සැක කටයුතු ලෙස මියගොස් සිටි මෙම කාන්තාවගේ මරණය පිළිබද ස්ථාන පරික්ෂාව අධිකරණ වෛද්‍ය පරීක්ෂන සිදුකරුනු ලැබුවා.