ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් වැවක් අවධානමක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් පාලනය වන හා එම ආයතනය මගින් නඩත්තු වියයුතුව පවතින තිබිරිවැව මේ වන විට අවධානමකට පත්ව ඇත්තේ වැව් බැම්මේ මතුව ඇති උමන් හේතුවෙන් වැව හා වැව යටතේ ඇති කුඹුරු අක්කර 30 අසන්න ප්‍රමානයක් හා වැවට පහලින් ඇති යාය පහ ගම්මානය , දික්වැව මෙන්ම ඒ අවට ඇති ගම්මාන රැසක් අවධානම් තත්ත්වයට පත්ව ඇති බව මෙම වැව ගොවිතැනට හා සනීපාරක්ෂක කටයුතුවලට භාවිතා කරන කුඩා ගලෙන්බිදුණුවැව ජනතාව පවසනවා.

පාරම්පරිකව මෙම වැව භාවිතා කරමින් යල මහ කන්න දෙක වගාකල ගොවින් පවසන්නේ මේ ගැටලුව වසර පහකට ආසන්න කාලයක් ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වීමක් දක්නට ලැබුණු බවත් මෙම ගැටලුව හේතුවෙන් උද්ගතවන ගැටලුව පිළිබද අවස්ථා ගණනාවක්ම අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කළත් වැව කඩාගෙන යාමේ අවධානම මතු වෙන තුරුම බලධාරීන් මෙම වැවේ ඇති ගැටළු පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව වැව් බැම්මේ ඇතිවී ඇති කුහර මගින් පෙනී යන කරුණක්.

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 190 කුඩා ගලෙන්බිඳුනුවැව ග්‍රාම සේවා වසමේ පිහිටා ඇති තිඹිරිවැව අක්කර දෙකකට ආසන්න වපසරයකින් යුක්ත අක්කර අඩි 305 පමණ ජලය එක් රැස් කළ හැකි කුඹුරු අක්කර හතලිහකට වැඩි ප්‍රමාණයක් හතලිහකට වැඩි ප්‍රමාණයක් යල මහ දෙක වගා කිරිමට තරම් ජල දාරිතාවයක් රදවාගෙන මෙහි වගා කරන ගොවියා, සමස්ත රටේ ආර්ථිකයටත් මහත් රුකුලක් වන මෙම වැව රැකගැනීමට උත්සාහ දරන කුඩා ගලෙන්බිදුනුවැව ගොවීන් තම ශ්‍රමය සහ දැනුම භාවිතා කරමින් වැලි කොට්ට යොදා වැව් බැම්මේ මතුව ඇති කුහරය ප්‍රතිසංස්කරණය කර ගැනීමට කටයුතු කළත් මේ දිනවල අධික ලෙස ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම වැව රැක ගැනීමට හැකි ද කියන ප්‍රශ්නාර්ථය මතුවන්නේ දැනට වැවේ පවතින අධික ජල ධාරිතාවය කුහර හතරක් ඔස්සේ ඉතාමත් සීඝ්‍රයෙන් පිටව යන හේතුවෙනි.

මෙම වැව ප්‍රතිසංස්කරණය කරන්නේ නම් අද වන විට තෙල් පොහොර නොමැතිව දැඩි පරිශ්‍රමයක් යොදා අද වන විට වගා කර ඇති කුඹුරු අක්කර 30 ට අමතරව දැනට වසර 40 ආසන්න කාලයක් වැවේ නඩත්තුවක් නොමැති කම හේතුවෙන් අතහැර දමා ඇති (පුරන්වන) තවත් කුඹුරු 10 කට වැඩි ප්‍රමාණයක් වසරේ සෑම කන්නත් ම වගා කළ හැකි බව ගොවීන් පෙන්වා දෙනවා .කුඩා ගලෙන්බිදුනුවැව ගොවි ජනතාව පෙන්වා දෙන්නේ කඩිනමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කර තෙල් පොහොර නොමැති ව වගා කළ මෙම වගාබිම් හා වැව පහලින් ඇති ගම්මාන හා එහි ජනතාවට වීමට ඇති ආපදාව බැහැර කර දෙන ලෙස බලධාරීන්ට අවධාරණය කර සිටි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56