spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල් සහ පස් කඩා වැටී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව අතර කොටසේ දුම්රිය මාර්ගයට අද (01) අලුයම ගල් සහ පස් කඩාවැටීම හේතුවෙන් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය ද මාර්ගය අවහිර වීම හේතුවෙන් මේ වනවිට එම ස්ථානයේ නතර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට දුම්රිය සේවකයින් මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත්කිරීමේ කටයුතුවල නිරතවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?