ගල් වැඩපොළක යන්ත්‍ර 03කට ගිනි තියයි – ආරක්ෂක නිලධාරියාටත් පහරදීලා

මැදිරිගිරිය, දිග්ගල්පුර ප්‍රදේශයක ගල් වැඩපොළක දී සිදුකළ ගිනි තැබීමකින් යන්ත්‍රෝපකරණ 03කට ගිනි තබා විනාශකර එහි ආරක්ෂක නිලධාරියාට පහරදී තුවාල සිදුකර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපොළක නවතා තිබූ එම ගල් වැඩපොළට අයත් යන්ත්‍රෝපකරණ 03කට මෙලෙස ගිනි තබා තිබුණා.

ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව එහි ආරක්ෂාවට සිටි ආරක්ෂ නිළධාරියාට ද පහර දී ඇති අතර ඔහු තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි මැදිරිගිරිය පොලීසිය පවසන්නේ.

ඊයේ (19) රාත්‍රියේදී මෙම ගිනි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ගසක බැඳ ආරක්ෂක නිලධාරියාට පහර දී තිබුණා.

රාත්‍රිය එළිවන තුරු එම ආරක්ෂක නිලධාරියා දැඩි වේදනාවෙන් කෑ ගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගල් වැඩපොළ ආසන්නයෙන් ගමන් ගත් පුද්ගලයෙකු විසින් එම ගල් වැඩපොළෙහි හිමිකරුට සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පැවසීමෙන් අනතුරුව ගල් වැඩපොළේ හිමිකරු විසින් ආරක්ෂක නිලධාරියාව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

මෙලෙස ගිනි තබා ඇත්තේ එම ගල් වැඩපොළට අයත් එක්ස්කැවේටර් යන්ත්‍ර 02ක් හා ගල් විදීම සඳහා යොදා ගන්නා ලද යන්ත්‍රයක්.

ගිනි තැබීමෙන් යන්ත්‍රෝපකරණ වලට දැඩි හානි සිදුව ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ගිනි තැබීම හා පහරදීම නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු විසින් සිදුකර ඇති බවයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ.

මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුකළ ගිනි තැබීමක් හා පහරදීමක්ද එසේ නොමැතිනම් දේශපාලන ආරවුලක් මත සිදුකළ දෙයක්ද යන්න පිළිබඳව මැදිරිගිරිය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03