ගල් කන්දක් පාමුල තිබූ සැක කටයුතු කාන්තා මරණයක් ගැන විමර්ශන

හඟුරන්කෙත රුක්වුඩ් වත්ත ප්‍රදේශයේ තිබී සැක කටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය 6 වනදා හගුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුක්වුඩ් වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් 2 වනදා නිවසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙනුයි.

අතුරුදන් වූ කාන්තාවගේ පුත්‍රයා විසින් තම මව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සමග කළ සොයා බැලීමේදී පසුගිය 9 වනදා මතුරට ඔකඳගල ගල් කන්ද පාමුල තිබී හිස හා වම් අත නොමැතිව මියගිය කාන්තාවගේ සිරුර හමුවී තිබෙනවා.

නරක් වී තිබූ එම සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය නුවරඑළිය රෝහල වෙත යොමු කෙරුණා.

අනතුරුව සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙය ඝාතනයක් බවටයි.

මෙලෙස මියගොස් ඇත්තේ රුක්වුඩ් වත්ත ප්‍රදේශයේම පදිංචිව සිටි 76 හැවිරිදි කාන්තාවක්.

මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් තවදුරටත් සිදු කළ විමර්ශනවලට අනුව ඊයේ (16) අදාළ කාන්තාවගේ බවට සැක කෙරෙන විකෘති වූ හිස කොටස ගමන් මල්ලක තිබී සහ වම් අත කොටස ඒ ආසන්නයේ තිබී සොයා ගෙන තිබෙනවා.

එම හිස සහ වම් අත කොටස ද නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මතුරට සහ හඟුරන්කෙත පොලිස් ස්ථාන මගින් විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14