ගල් අඟුරු සඳහා අලුත් ටෙන්ඩර් කැඳවීම ලබන අඟහරුවාදා (වීඩියෝ)

අමාත්‍ය මණ්ඩලය විසින් ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමත් සමඟ නැවත කඩිනම් ටෙන්ඩර් කැඳවීමක් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යධිකාරී නාමල් හේවගේ පවසනවා.

ඒ, අනුව එම ටෙන්ඩර් කැඳවීම එළඹෙන අඟහරුවා දින සිදුකරන බවයි සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ.

ක්ෂණික මිලදී ගැනීම් සහ දීර්ඝකාලීන මිලදී ගැනීම් වෙනුවෙන් මෙලෙස ටෙන්ඩර් කැඳවන බවත්, ක්ෂණික මිලදී ගැනීමේ දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් සහ දීර්ඝකාලීන මිලදී ගැනීමේ දී ටොන් මිලියන 2.25 මිලදී ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ටෙන්ඩර් කැඳවීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් ගල් අඟුරු ලබාදීමට හැකි පුද්ගලයන් වීම විශේෂ බවත්, එය කඩාකප්පල් නොකර ඒ සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් සහ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ටෙන්ඩර් කැඳවීමට පෙර දැනුවත් කරන ලෙස ද සාමාන්‍යධිකාරීවරයා සඳහන් කර සිටියා.

නියමිත දින වකවානු වලදී ගල් අඟුරු නොලැබීම සිදුවූවොත් ඔක්තෝම්බර් මස අග වන විට දැවැන්ත විදුලි කප්පාදු කට යාමට සිදුවන බව විදුලිබල මණ්ඩලය මීට පෙර සඳහන් කළා.

https://youtu.be/75AuGPGMpfk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14