spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල් අඟුරු සඳහා අලුත් ටෙන්ඩර් කැඳවීම ලබන අඟහරුවාදා (වීඩියෝ)

අමාත්‍ය මණ්ඩලය විසින් ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමත් සමඟ නැවත කඩිනම් ටෙන්ඩර් කැඳවීමක් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යධිකාරී නාමල් හේවගේ පවසනවා.

ඒ, අනුව එම ටෙන්ඩර් කැඳවීම එළඹෙන අඟහරුවා දින සිදුකරන බවයි සාමාන්‍යධිකාරීවරයා සඳහන් කළේ.

ක්ෂණික මිලදී ගැනීම් සහ දීර්ඝකාලීන මිලදී ගැනීම් වෙනුවෙන් මෙලෙස ටෙන්ඩර් කැඳවන බවත්, ක්ෂණික මිලදී ගැනීමේ දී ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් සහ දීර්ඝකාලීන මිලදී ගැනීමේ දී ටොන් මිලියන 2.25 මිලදී ගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ටෙන්ඩර් කැඳවීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් ගල් අඟුරු ලබාදීමට හැකි පුද්ගලයන් වීම විශේෂ බවත්, එය කඩාකප්පල් නොකර ඒ සම්බන්ධයෙන් ගැටළු ඇත්නම් සහ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ටෙන්ඩර් කැඳවීමට පෙර දැනුවත් කරන ලෙස ද සාමාන්‍යධිකාරීවරයා සඳහන් කර සිටියා.

නියමිත දින වකවානු වලදී ගල් අඟුරු නොලැබීම සිදුවූවොත් ඔක්තෝම්බර් මස අග වන විට දැවැන්ත විදුලි කප්පාදු කට යාමට සිදුවන බව විදුලිබල මණ්ඩලය මීට පෙර සඳහන් කළා.

https://youtu.be/75AuGPGMpfk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?