spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල් අඟුරු ප්‍රසම්පාදන ටෙන්ඩරය ගැන ඇමති කංචනගෙන් විශේෂ නිවේදනයක්

ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේයි අමාත්‍යවරයා මෙය නිකුත්කර ඇත්තේ.

එහිදී ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් අනුව ගල් අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම සිදුකරන බවයි දැක්වෙන්නේ.

එමෙන්ම ලංකා ගල් අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශ්වයකට සහභාගී විය හැකි අතර අවම දින 180ක ණය කාලයක් සමඟ සැපයුම සම්පූර්ණ කළ යුතු වනවා.

දීර්ඝ කාලින ටෙන්ඩරය ද එළඹෙන සතියේ නිකුත් කරනු ලබන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?