ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

උන්වහන්සේට එහි පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය යි ඊයේ නියෝග කළේ.

ඊයේ පැමිණිල්ලක් විභාගයට ගත අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකාර සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.

එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සිරිධම්ම හිමියන්ට අද ත්‍රස්ත මර්දන කාර්යාංශය හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සිරිධම්ම හිමියන් පසුගිය දා අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38