spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා.

උන්වහන්සේට එහි පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය යි ඊයේ නියෝග කළේ.

ඊයේ පැමිණිල්ලක් විභාගයට ගත අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකාර සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.

එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සිරිධම්ම හිමියන්ට අද ත්‍රස්ත මර්දන කාර්යාංශය හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සිරිධම්ම හිමියන් පසුගිය දා අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?