ගල්වැව සිරිධම්ම හිමිට සහ වසන්ත මුදලිගේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමිනුයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.