ගල්ගමුව කළඹමින්, පුංචි දරුවෙකුත්, අම්මා කෙනෙකුත් අන්තිම ගමනට යැවූ තරුණයා ලියූ ලිපියක් පොලිසියට හමුවෙයි, පාසල් ප්‍රේමයක් ගැනත් කතාවක් එළියට – Video

ගල්ගමුව ප්‍රදේශයේ මළ සිරුරු තුනක් හමුවූ නිවසේ එක් ස්ථානයක තිබූ පොතක සටහන් කර තිබූ කරුණක් සම්බන්ධයෙන් පොලිසියේ අවදානය යොමුව තිබෙනවා.

එම නිවේස මියගොස් සිටි 28 හැවිරිදි පුද්ගලයා විසින් එය ලියා තබන්නට ඇත් ද යන්න විමර්ශනය කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.
එම පුද්ගලයාගේ ජංගම දුරකථනය ද එම පොත අසල තිබී සොයාගෙන තිබෙනවා.

ගල්ගමුව පොලීසියට ලද තොරතුරක් මත නිවසක් තුළ සිදුකළ පරීක්ෂාවකදී මියගොස් සිටි 28 හැවිරිදි කාන්තාවක්, ඇයගේ වයස අවුරුදු 10ක් පමණ වූ පිරිමි දරුවා සහ තවත් 28 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරු සොයා ගැණුනා.

පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඊයේ රාත්‍රී ඇති වූ කිසියම් ආරවුලක් දුරදිගයාමෙන් අදාළ 28 හවිරිදි තරුණයා මෙම කාන්තාව සහ ඇගේ පුත්‍රයා ඝතනය කර ඇති බවයි.

ආරවුල සිදුවන අවස්ථාවේ එහි සිටි 5 හැවිරිදි දරුවෙකු යාබද නිවසට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.

“පොඩි එක්කෙනා ඇවිත් කිව්වේ අම්මා නැහැ කියලා. ඊට පස්සේ තමයි මම ළමයාව ගත්තේ. අරගෙන ඉවරවෙලා නංගිට කෝල් එක ගත්තා නංගි ෆෝන් එක ආන්සර් කළේ නැහැ. එයාලා තමයි ගෙට ගියේ මම ගෙට ගියේ නැහැ. එයාලා බලනකොට තමයි කිව්වේ මරලා දාලා කියලා.”

ඝාතනයට ලක් වූ කාන්තාව සහ ඇගේ නිවස තුළ සිය දිවි හානි කර ගත් තරුණයා අතර අනියම් සබඳතාවක් ද පැවති බවට පොලීසිය සැකපළ කරනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා නාවික හමුදා සේවයේ නියුතුවූවෙකු වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට නොමැති බවයි.

ඝාතනයෙන් පසු සිය දිවි හානි කරගත් තරුණයාද ගල්ගමුව – මහනාන්නේරිය ප්‍රදේශයේම පදිංචි අයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෙම මළ සිරුරු රැගෙන ගොස් ඇත්තේ කුරුණැගල රෝහලටයි.

කුරුණෑගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09