spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්ගමුවේ තැපැල් කන්තෝරුව බිඳ ලක්ෂ 16ක් කොල්ල කාලා

ගල්ගමුව තැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 16කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව වාර්තා වනවා.

පසුගිය දින දෙකේ දී යෙදී තිබූ නිවාඩුවෙන් පසු අද (02) උදෑසන එහි සේවකයින් රාජකාරියට පැමිණ ඇති අතර, එහිදී තැපැල් කාර්යාලය පිටුපස දොර විවෘත කර ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඉන් අනතුරුව එහි සේවකයින් දැක ඇත්තේ මුදල් දමා තිබූ සේප්පුව බිඳ දමා ඇති ආකාරයයි.

පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පොලිස් නිලධාරීන් පැමිණ මංකොල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදැමීම ද සිදු වූ බැවින් එමඟින් සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?