ගල්ගමුවේ තැපැල් කන්තෝරුව බිඳ ලක්ෂ 16ක් කොල්ල කාලා

ගල්ගමුව තැපැල් කාර්යාලය බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ 16කට ආසන්න මුදලක් කොල්ල කා ඇති බව වාර්තා වනවා.

පසුගිය දින දෙකේ දී යෙදී තිබූ නිවාඩුවෙන් පසු අද (02) උදෑසන එහි සේවකයින් රාජකාරියට පැමිණ ඇති අතර, එහිදී තැපැල් කාර්යාලය පිටුපස දොර විවෘත කර ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

ඉන් අනතුරුව එහි සේවකයින් දැක ඇත්තේ මුදල් දමා තිබූ සේප්පුව බිඳ දමා ඇති ආකාරයයි.

පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පොලිස් නිලධාරීන් පැමිණ මංකොල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසාදැමීම ද සිදු වූ බැවින් එමඟින් සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් අපහසුතාවයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38