ගල්කිස්ස – KKS දුම්රිය අද සිට දිනපතා ධාවනයට

ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (07) සිට දෛනිකව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ,අනුව සෑම දිනකම පෙරවරු 05.15ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කරන දුම්රිය දහවල් 12.13ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ලගාවීමට නියමිතව තිබෙනවා.

පසුව කන්කසන්තුරෙන් පස්වරු 01.50ට ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 08.58ට ගල්කිස්සට ලඟාවීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙතෙක් එම දුම්රිය සති අන්තයේ පමණක් ධාවනය වූ බවයි.

මේ අතර දිනපතා කොළඹ කොටුවෙන් උදෑසන 05.45ට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ යාල්දේවි දුම්රියේ පිටත්වන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අද (07) දිනයේ සිට යාල්දේවි දුම්රිය කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන වේලාව පෙරවරු 06.40 ලෙස සංශෝධනය කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14