ගල්කිස්ස මහ හෝටලයේ වහලයේ කොටසක් රේල් පාරට කඩා වැටෙයි (ඡායාරූප)

ගල්කිස්ස මහ හෝටලයේ වහලයේ කොටසක් අද (15) පෙරවරුවේ මුහුදුබඩ දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

ගාලු කුමාරි දුම්රිය ද මේ හේතුවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ නතර කර තිබෙනවා.