ගල්කිස්සේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි

ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ නිවසක ඊයේ (07) සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

හොරණ, මුණගම ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී ඊයේ (07) රාත්‍රියේ මෙම යතුරුපැදිය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සොයාගත් යතුරුපැදියේ ලියාපදිංචි අංකය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී එම යතුරුපැදිය අපරාධයට සම්බන්ධ බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් පැය එකහමාරත් දෙකත් අතර කාලයක් තුළ යතුරුපැදිය එම ස්ථානයේ දමාගොස් ඇති බවයි.

යතුරුපැදිය එම ස්ථානයේ දමා ගිය පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ආරක්‍ෂිත කැමරා දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඊයේ (07) අලුයම් කාලයේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

වයස අවුරුදු 36ක සහ අවුරුදු 20ක පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38