ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.
මෙලෙස වැඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ තරිඳු මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක පුද්ගලයෙක්.
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා පළාගොස් තිබුණා.
වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුනා.
මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් දෙහිවල පොලිලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.













