spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්සේදී කාන්තාවකට අමානුෂිකව පහර දුන් හැටි

පුද්ගලික බැංකුවක සේවය කරන ගල්කිස්ස පදිංචි කාන්තාවකට පසුගියදා පිරිසක් විසින් අමානුෂික පහරදීමක් සිදුකර තිබෙනවා.

එහි සීසීටීවී දර්ශන ගොසිප් ලංකා නිව්ස් අප වෙත මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අදාල කාන්තාව විසින් අපට හෙලි කළේ මෙම සිදුවීම පිළිබඳව පොලිසිය නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

අවස්ථා ගණනාවකදී ඉහළ පොලිස් නිලධාරීන්ටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කළද ගල්කිස්ස පොලිසිය සැකකාර පාර්ශවයට පක්ෂපාතීව කටයුතු කරන බවයි ඇය සඳහන් කරන්නේ.

පෞද්ගලික බැංකුවක සේවය කරන මෙම කාන්තාවට නීතියේ පිළිසරණක් නොලැබීම කණගාටුවට කරුණක් බවයි ඇය සඳහන් කළේ.

ඇයට මෙම අමානුෂික පහරදීම සිදුකර කලුබෝවිල ⁣රෝහල් ගත වුවද එම රෝහල් පොලිසියෙන් පවා කටඋත්තරයක් සටහන් කරගැනීමක් සිදු නොකළ බවයි ඇය හෙළි කළේ.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුවයි ගල්කිස්ස ස්ථානාධිපතිවරයා විසින් දුරකථන මාර්ගයෙන් මෙය විමසා තිබෙන්නේ.

රටක නීතිය රකින පොලිසිය මෙවැනි අවස්ථාවලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිවැරදිද..?

එක රටක් එක නීතියක් සංකල්පය සමාජ ගත වෙද්දී මෙවැනි නිලධාරීන් හරහා එයට එක්වන්නේ කලුපැල්ලමක් නොවේද..?
මේ පිළිබඳව බලධාරීන් කටයුතු කරන ආකාරය ගැන ගොසිප් ලංකා අපි අවධානයෙන්.

කාන්තාවට පහර දෙන වීඩියෝව පහතින්..

https://www.youtube.com/watch?v=36DB_6Oh18M

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?