spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්සෙන් යාල්පානමට සති අන්තයේ විශේෂ දුම්රියක්

ගල්කිස්ස සහ යාපනය – කන්කසන්තුරේ අතර ශීඝ්‍රගාමී විශේෂ දුම්රියක් අද (17) දිනයේ සිට සෑම සති අන්තයකම ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ආසන 520කින් යුත් වායු සමනය කරන ලද දුම්රියක් මෙලෙස ධාවනයට එක්කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

එම දුම්රිය ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.00ට පිටත්වන අතර යළිත් කන්කසන්තුරයෙන් ඉරිදා රාත්‍රී 10.00ට ගල්කිස්ස බලා පැමිණීමට නියමිතයි.

මෙහි එක් ආසනයක් සඳහා අයකෙරෙන ගාස්තුව රුපියල් 2,800ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?