spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිරියාගම බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලට

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් අද (06) දහවල් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ගල්කිරියාගම සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ එම බස් රථය එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු පවසා තිබේ.

ප්‍රදේශවසීන්ගේ සහාය ඇතිව බස් රථයේ සිරවී සිටි මගීන් ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලීසිය පැවසීය.

අනතුරින් පිරිමි පුද්ගලයින් පස්දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර කාන්තාවන් 13 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තුවාල ලැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

167591267 2865513457096150 3770135729053888277 n
167572559 2865513473762815 3172706122727827016 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?